Monday, November 18, 2013
10:28 PM
divisional office
No comments
තමා බිහි කළ සැබෑ මව ‘ෆේස් බුක්’ ආධාරයෙන් දවස් එකහමාරක් ඇතුළත සොයා ගත්
ඉන්දියානා කාන්තාවක් පිළිබඳ වාර්තා වේ. 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්
නැමැති ඇය සිය`ඵ දෙනා හඳුනන්නේ බෙට්සි යන නමෙනි.
කුඩා කාලයේ සිට ඇය හදා වඩා ගෙන ඇත්තේ විශ‍්‍රාමික ගුරුවරියක හා ඇයගේ ස්වාමිපුරුෂයා විසිනි. ඔවුන් ඇය අරන් හදා ගත් බව බෙට්සි දැනගෙන සිටියාය.
තම සැබෑ මව සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය. මේ සඳහා ඇය හදා වඩා ගත් පියා ජිම් බෝයිස් ඇය ධෛර්යමත් කර උදව් කළේය.
‘ෆේස් බුක්’ යම් කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි, ‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුවක් ආරම්භ කර ‘මම 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.
මම 1984 මැයි 29 වන දින ඇමෙරිකාවේ ඉන්දියානාහි ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහලේ උපත ලැබීය. මා බිහි කළ මගේ මව මම සොයමින් සිටියි. එයට උදව් කරන්න’ ඇයගේ කුඩා කළ ඡායාරූපද එම පිටුවට එක් කළාය.
දින එකහමාරක් ඇතුළත ඇගේ සැබෑ සහෝදරයාගෙන්, නැන්දාගෙන් සහ ඥාති සහෝදරයකුගෙන් පණිවිඩ ලැබුණි. ඒ අනුව දුරකථනයෙන් කතා කොට දිනයක් යොදා ඇය තම සහෝදරයා සහ අනෙකුත් ඥාතීන් මුණ ගැසුණාය. ඔවුන් පෙන්වූ බෙට්සිගේ කුඩා කළ ඡායාරූප මගින් ඇය ඔවුන් තමන්ගේ සැබෑ පවුල බව හඳුනාගත්හ. ඇයගේ සිනහව තම මව සේම බව ඇගේ සහෝදරයා සඳහන් කරයි.
ඔවුන්ගේ මව අසනීප තත්වයෙන් පෙළෙන බැවින් මව තවම මුණ ගැසී නොමැති අතර නොබෝ දිනකින්ම මව බැලීමට යන බවත් ‘ෆේස් බුක්’ ආධාරයෙන් තම සැබෑ පියාද තමන් සොයා ගන්නා බව ඇය පැවසීය.
‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුව සඳහා මේ වන විට 6000 ක් පමණ කැමැත්ත පළ කර ඇත.
උපුටාගැනීම - ලංකාදීප නිවුස්

Subscribe to:
Post Comments (Atom)
.gif)
0 comments:
Post a Comment